ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට පුවත් පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ජනතාවගෙන සමාව ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අඳහස් පළ කළා.
එහිදී අඳහස් දැක් වූ සාගර කාරියවසම්
විමල් විරවංශ මහතා ඊයේ දිනයේදී ඉරිදා ලංකාදීප පුවත් පතට ප්‍රකාශයක් කරලා තියනවා මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයන් ඉවත් කොට එය ජනාධිපතිවරයාට භාර දිය යුතුයි කියලා.
මන් හිතන්නේ විමල් විරවංශ මහතා දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂයත් නෙවෙයි එතුමාට අපේ පක්ෂය සම්බන්දයෙන් තීන්දු තීරණ ගන්න කිසිදු අයිතියක් නැහැ.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම