වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට අනුමැතිය හිමිව තිබේ.
අද (08) කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවේදී අවසන් තීරණයට එළඹ තිබුණි.
පාඩි පාලක සභාවත් සමඟ අද කම්කරු අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා, වතුකම්කරු වෘත්තීය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය මෙම සාකච්ජාව සඳහා සහභාගී විය.
ඒ අනුව 2021 සඳහා වන අයවැය යෝජනාව පරිදි වතුකම්කරුවන් වෙනුවෙන් දෛනික වැටුප රු.1000 දක්වා වදිකරගනිමට හැකි වූ බවයි මෙම සාකච්ජාවෙන් පසු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.
කම්කරුවන්ගේ පාර්ශවයෙන් රු.900ක මූලික වැටුපක් සහ අයවැය සහන දීමනාව ලෙස රු. 100ක දීමනාවක් සඳහා අවසන් අනුමැතිය හිමිව තිබේ.
මේ සඳහා ජන්ද විමසීමක් පවත්වා ඇති අතර යෝජනාවට පක්ෂව ජන්ද 11 සහ විපක්ෂව ජන්ද 08ක් ලැබී ඇත.
මෙම තීරණය අමාත්‍යවරයා සතු බලතල අනුව සතියක කාලයක් තුළ ගැසට් කිරීමට නියමිත අතර ගැසට් නිවේදනය පළවූ දින සිට මෙම නියෝගය ක්‍රියාත්මක වනු ලබයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ