හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරනවා.
අදාළ උපකරණය මගින් රියදුරාගේ ඛේටය භාවිත කරමින් මෙම පරීක්ෂාව සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිත කර මගීන් ප්‍රවාහන බස් ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය පාලනය සඳහා සෑම පාසලකම ගුරුවරුන් තිදෙනෙකු මේ වනවිටත් පුහුණුකරන බවත්, එමගින් පාසල තුළට මත්ද්‍රව්‍ය පැමිණෙන අයුරු හඳුනාගැනීම සඳහා හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ