පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකළ අපරාධ පරීක්ෂණ හා තොරතුරු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සිදුකර කඩිනමින් ලිපිගොනු නැවත ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා තිබෙන්නේ.
පාස්කු කොමිසමේ වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙන අතර ජනාධිපති ලේකම්වරයා හරහා එම වාර්තාවේ පිටපතක් ලබාගෙන වැඩිදුරට විමර්ශනය කරන ලෙසත් සති දෙකක් ඇතුළත මෙම උපදෙස් සම්බන්ධයෙන් තමා වෙත කරුණු වාර්තා කරන ලෙසත් නීතිපතිවරයා දන්වා තිබේ.
මීට පෙර ද අවස්ථා කිහිපයකදී පොලිස් පරීක්ෂණවලට අදාල ලිපිගොනු අසම්පූර්ණ බව පවසමින් නීතිපතිවරයා විසින් එම ලිපිගොනු නැවත හරවා යවා තිබිණි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ