පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කළ ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට ලබාදුන් අවසන් වාර්තාවේ අන්තර්ගතය රටට හෙළි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කරනවා.
පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාල වාර්තාවේ අන්තර්ගතය දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවයි.
මෙවැනි වාර්තාවක් ජනාධිපතිවරයාට භාරදෙන අවස්ථාවේදිම එහි පිටපතක් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දීම කළ යුතුව තිබු බවයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ