ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රුපියල් කෝටි 5200 කට ආසන්න බැඳුම්කර වංචා කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු විනිසුරු මඩුල්ලක් (Trial At Bar) පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් අද (11) ඉල්ලීමක් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කොට නීතීපතිවරයාට උධෘත යොමු කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැරීමට නීතීපතිවරයා තීරණය කොට ඇති බවයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ප්‍රකාශ කළේ.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා මෙලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බව සඳහන්.
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපතිවරයා එහි අධ්යක්ෂවරයා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කොට ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කොට උධෘත නීතීපතිවරයාට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තා කොට තිබුණා.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම