හිටපු කථානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට 81 වන වියේ පසුවූ ඔහු පසුගිය දා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබුනා.
විජේසිංහ ජයවීර මුදියන්සෙලාගේ ලොකුබණ්ඩාර මහතා 1941 අගෝස්තු මස 05 වන දින හපුතලේ දී උපත ලැබූවා.
1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිස එම රජයේ දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර 1989 වසරේදී සංස්කෘතික කටයුතු, අධ්‍යාපන හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළා.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ