ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්රමුඛ විධායක කමිටුවට ලබන මාර්තු 15 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකළ රීට් පෙත්සමකට අදාලවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය වැලැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් මෙම රීට් පෙත්සම ගොනු කළ බවයි පෙත්සම ගොනු කළ ක්රිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් සිදත් වෙත්තමුනි ඇතුළු පාර්ශවකරුවන් දොලොස් දෙනා පවසන්නේ.
පවතින තත්වය මීළඟ නිලවරණයට පෙර වළක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න ජයන්ත ධර්මදාස තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්තුරුන් හ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමේ වගඋත්තරකරුවන් වනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව