ලබන 23 මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන මාර්තු 10 වනදා තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධාන කිරීම සහ මෙහෙයවීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම අදාළ කාලය තුළ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීමද තහනම් වනු ඇති.
ඊට අදාළව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වනවා.
එම නියෝග කඩ කරන හෝ උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ