ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ෂස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටීන්නීය.
එංගලන්තයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් එම්. බී. ඒ උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන් ඒම්. එස්. සී සංවර්ධන කළමනාකරණ උපාධිය හදාරා තිබේ.
ඇය ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙස ද කටයුතු කළාය.
වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම හා පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගිය ඇය විශ්ව විද්‍යාල කීපයක අධ්‍යාපනය හදාරනු ලැබුවාය.
පසුව සමාජ සේවා කටයුතුවල නිරතව සිටින අතරතුර ඇය බ්‍රිතාන්‍යය මැතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙස ඉදිපත්ව සිටින්නීය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ