බස්නාහිර පළාතේ 57 දහසකට අද දිනයේ කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඒ අනුව කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලට මෙන්ම අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවල එය ක්‍රියාත්මකයි.
ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවලත් හඳුනාගත් ග්‍රාමසේවා වසම් කිහිපයක අවුරුදු 30ත් – 60ත් අතර සියලුදෙනාට එන්නත් ලබාදීමට නියමිත
බවයි මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ