SLT-MOBITEL, අනුග්‍රහයෙන් Southern Eliyakanda Hill Climb 2021 ධාවන තරගාවලිය බලගැන්වෙයි
විසි පස් වැනි වරටත් සංවිධානය කෙරෙන ‘SLTMOBITEL Speedup Southern Eliyakanda Hill Climb 2021’ ධාවන තරගාවලිය වෙනුවෙන් දක්ෂිණ මෝටර් රථ ක්‍රීඩා සමාජය (SMCS) හා අත්වැල් බැඳ ගැනීමට, ශ්‍රී ලංකාවේ සුපිරි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් (Fiber Broadband) අන්තර්ජාල පහසුකම් සම්පාදකයා වන SLT-MOBITEL ආයතනය පියවර ගෙන තිබේ. මෙම දැවැන්ත මෝටර් රථ ක්‍රීඩා තරගාවලියට SLT-MOBITEL අනුග්‍රහය හිමිවන්නේ අඛණ්ඩව හයවැනි වරට වීම ද විශේෂත්වයකි. පසුගියදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පැවැති මාධ්‍ය හමුවකදී මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් කෙරුණි.
මෙම උද්වේගකර මෝටර් රථ ධාවන සැණකෙළිය, යතුරු පැදි ධාවන තරග ඉසව් 16කින් සහ මෝටර් රථ ධාවන තරග ඉසව් 17කින් සමන්විත ය. ඊට අදියර තුනක් යටතේ මීටර 600ක කඳු නැග්මක් ද ඇතුළත් ය. තරගාවලියේ යතුරු පැදි ධාවන තරග එළඹෙන පෙබරවාරි 27 වැනිදා ද, මෝටර් රථ ධාවන තරග පෙබරවාරි 28 වැනිදා ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සියලු පාර්ශ්වවල ආරක්ෂාව තහවුරු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති සියලු මාර්ගෝපදේශ සහ උපදෙස්වලට අනුකූලව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
‘SLTMOBITEL Speedup’ තේමාව යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය හරහා, මෝටර් රථ ධාවන ක්ෂේත්රය ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රය මීළඟ තලය වෙත ඔසවා තැබීමේ SLT-MOBITEL අරමුණට තවත් පියවරකින් ළංවනු නිසැක ය. තව ද එම තේමාව හඳුන්වා දී ඇත්තේ, සුපිරි Fiber තාක්ෂණය සමඟ පැමිණෙන SLT-MOBITEL සුපිරි අධිවේගී Broadband අන්තර්ජාල සබඳතා අනුව යමින් වීම ද කැපී පෙනේ.
SLTMOBITEL Speedup Southern Eliyakanda Hill Climb ධාවන තරගාවලිය යනු ජාතික මට්ටමේ ශූරතා තරගාවලියකි. ඒ සඳහා මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රධාන නියාමන සංවිධානය වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ක්‍රීඩා සංගමයේ අනුමැතිය ද හිමිව තිබේ. එබැවින් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරග පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට විශිෂ්ට ධාවන තරග අත්දැකීමක් සමීප කිරීමට මෙවර තරගාවලිය ද සමත්වනු නොඅනුමාන ය.
මේ පිලිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සදහන් කර සිටියේ, “Southern Eliyakanda Hill Climb ධාවන තරගාවලියට නැවතත් අන්‍රග්‍රාහකත්වය දැක්වීමට අවස්ථාව උදාවීම SLT-MOBITEL ආයතනයට විශාල ගෞරවයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සම්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් මෙවැනි අධිවේගී තරග අත්දැකීමක් සමීප කරවීමේ අවස්ථාව අපටම හිමිවීමත් අතිශය වැදගත්. මක් නිසාද යත් මෙවැනි උද්වේගකර තරග අත්දැකීමක් ජනතාව වෙත සමීප කරවීමේ සැබෑ අයිතිය ඇත්තේත් SLT-MOBITEL ආයතනයටයි“, යනුවෙනි.
SLTMOBITEL Speedup Southern Eliyakanda Hill Climb ධාවන තරගාවලිය මෙරට පැවැත්වෙන සුවිශේෂී ධාවන තරග අත්දැකීමක් බව, දක්ෂිණ මෝටර් රථ ධාවන ක්‍රීඩා සමාජයේ සභාපති ආචාර්ය සංජය සේදර සෙනරත් මහතා ද ප්‍රකාශ කළේය. “මෙම තරගාවලිය සඳහා SLT-MOBITEL ආයතනය ලබාදෙන සහයෝගය අපි මහත් සේ අගය කරනවා. ඒ හරහා අපේ රටේ මෝටර් රථ ධාවන තරග ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා වූ අපගේ ඉලක්ක ජයගැනීමට නිසැක ශක්තියක් හිමිවෙනවා“, ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට