කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන මධ්‍යස්ථාන ප්‍රමාණය 80 ක් දක්වා වැඩිකර ඇති බවත්, එම මධ්‍යස්ථාන 80 තුළ ඇඳන් 11,766 ක් තිබෙන බවත් හේමන්ත හේරත් මහතා පවසයි. දැනට ඇඳන් 6747 ක රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව පෙන්වා දෙන හේරත් මහතා පවසන්නේ ඕනෑම හදිසි අවස්ථාවකට සූදානමින් සිටින බවයි.
නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍යවරයා පවසන්නේ දැනට හමු වී ඇති ආසාදිතයන්ගෙන් බහුතරයක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමු වී ඇති බවයි. ඔවුන්ගෙන් වෙනත් අයට වෛරසය ආසාදනය වීමේ අවදානමක් නොමැති බවත්, කෙසේ නමුත් සාමාන්‍ය සමාජයෙන් හමු වී ඇති නව ප්‍රභේදයේ ආසාදිතයන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ