ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය මෙරට තුළ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට සිදුකර තිබෙන ප්‍රකාශය වැරදීමකින් සිදුකළ ප්‍රකාශයක් නොවන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා. එය ඉන්දියානු මැදිහත්වීමේ තවත් එක් පියවරක් ලෙස සලකන බවයි ඔහු පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබෙන්නේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඩැහැ ගැනීම සඳහා ගත් උත්සාහය ව්‍යවර්ථ වීමත් සමග ඉන්දියාව වඩාත් බලපෑම් කළහැකි වෙනත් මාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක බලය ඔවුන් සතු කර ගැනීම වුවද සිදුවිය හැකි බවත් වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ පොදුජන පෙරමුණ මිලදී ගැනීමට වුවද ඉන්දීය පාලනය උත්සාහ කළහැකි බවයි. මිලදී ගැනීම යනු මුදල් දී පක්ෂය අයිති කර ගැනීමක් නොව ඉන්දියාව තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය පරිදි පොදුජන පෙරමුණ ස්ථානගත කිරීමක් වැනි දෙයක් බවද ඔහු පවසනවා.
පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී සිටින කුඩා පක්ෂ ඉන් ඉවත් කිරීමට එම පක්ෂයේ ඇතැම් පුද්ගලයන්ට අවශ්‍ය වී තිබෙන්නේ මේ නිසා බවද වසන්ත බණ්ඩාර මහතා පවසනවා.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි