ජනවාරි 21 දින සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ගතවූ කාලය තුල සංචාරකයෝ 3820ක් දිවයිනට පැමිණෙති.
ඔවුන්ගෙන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ යුක්රේනයෙනි.
එම සංඛ්‍යාව 1374කි.
කසකස්ථානයේ සංචාරකයන් 526ක් මේ වනවිට පැමිණ තිබේ.
ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.
එම ගණන 443කි.
සංචාරකයන්ට රට විවෘත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය.
මේ වනවිට නව ගුවන් සමාගම් 05ක් ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවද මෙහිදී අනාවරණය විය.
Fly ඩුබායි,එයා ඇරේබියා ,සලාම් එයාර්, ජසීරා, ගල්ෆ් එයා යන ගුවන් සමාගම් මෙලෙස ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඉන් ගුවන් සමාගම් 03ක් දැනටමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයිද මෙහිදී අනාවරණය විය.
එයා ඇරෙබියා, Fly ඩුබායි හා සලාම් එයාර් එම ගුවන් සමාගම් වෙයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ සෙසු ගුවන් සමාගම් සමගද ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට දින යොදා ගෙන ඇති බවයි.
කටුනායක මෙන්ම මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් ගමන් ආරම්භ කරන බව ඇමතිවරයා මෙහිදී කීවේය.
කටුනායක හා මත්තල ගුවන්තොටුපල මඟින් සංචාරකයන් පැමිණීමේදී ඔවුන්ට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි අඳාල වැඩපිලිවෙල සකස් කර ඇතැයිද කටුනායක ගුවන්තොටුපල බලධාරීහූ මෙහිදී කියා සිටියහ.
ගුවන්තොටුපලේදී සංචාරකයන් හා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීම වැලැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යලි යලිත් අවධානය යොමු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව කොවිඩ් සුරක්ෂිත රටක් යන්නද ඉස්මතු වන පරිදි මෙම ප්‍රවර්ධන වැඩපිලිවෙල සකස් කරන ලෙසද ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ