ජාත්‍යන්තර බලවේගවලට ශ්‍රී ලංකාවේ ප්‍රශ්න විසඳීමට කිසිසේත් හැකියාවක් නොමැති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
සංවිධානාත්මකව සිදුකළ පාස්කු ප්‍රහාරය විදෙස් රටවල කණ්ඩායම් ද සම්බන්ධ බවටයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
ජේසුස් වහන්සේගේ කුරුසියේ දිවි පිදීම සිහිකෙරෙන සමය ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති අළු බදාදා දේවමෙහෙයේදී උන්වහන්සේ අවධාරණය කළේ වරද සාධාරණීකරණය කළ නොහැකි බවයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ සියලු ආගම් අතර සමගිය සහජීවනය රැකගන්නා නව සංස්කෘතියක් නිර්මාණය කළ යුතු බවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ අවනඩුවට දෙවියන් වහන්සේගේ උසාවියෙන් සාධාරණයක් ඉල්ලා බලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කලා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ