නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලද මෙරට ප්‍රථම කාන්තා නිලධාරිනිය වන බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටිමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉදිරිපත් වුනා.
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ ධුරය උසස් කිරීම අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එය මැයි 18 වැනිදා සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.
බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද මාධ්‍ය හමුවක් කැදවා තිබුනා.
ඒ සඳහා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර මහත්මිය ද සහභාගි වී සිටියා.
සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂව සිටි බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ