කොදෙව් සංචාරයේ වේග පන්දු යවන්නන්ගේ වගකීම චමින්ද වාස්ට

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com