මං අද දින මෙතනට ආවේ තමුන්නාන්සේලාට ප්‍රබල පණිවිඩයක් දෙන්න….. මම හිතන්නේ මගේ පැමිණීම කාලෝචිතයි. අපි යථාර්ථයට මුහුණ දෙමු.
දැන් මහජන විශ්වාසය මේ ආයතනය කෙරෙහි බිඳ වැටිලා…. මං සෘජුවම කතා කරන්නේ කනගාටුයි කියන්න පවතින තත්ත්වෙ මොකක්ද?… මේ දූෂිත නිලධාරීන් පිරිසක් ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕනේ.
එතකොට මේ බන්ධනාගාර අද අපරාදේ පිටියක් බවට පත් වෙලා…. අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටිය සෙල්ලම් පිටිය එතකොට අපරාධ සිදුකිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත්වෙලා තියෙනවා..
බන්ධනාගාරය මෙතන විනයක් නැහැ… රැදවියන්ගේ විනයක් නැහැ…. නිලධාරීන්ගේ විනයක් නැහැ…. අල්ලස දූෂණයට නිලධාරීන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මෙකෙ….
තහනම් භාණ්ඩ ඇතුල් කරන්න ඇබ්බැහි වෙලා… රටේ ප්‍රබල අපරාධ සංවිධානය වෙන්නේ මේකේ ඇතුලේ…. කල්ලි හැදිලා…. පාතාල කල්ලි එළියෙ කොටසක් ඉන්නවා…. ඇතුළු කොටසක් ඉන්නවා…..
ඒ දෙගොල්ල සම්බන්ධ වෙනවා…. මොකක්ද මේ සංස්කෘතිය…. මං කියන්න ඕනෙ නෑ තමුන්නාන්සේලා දන්නවා….
නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරනවා… රැඳවියන් නිලධාරීන් ආරක්ෂා කරනවා… මෙතන අන්තර් සහජීවනය තියෙන්නෙ කඩන්න ඕනෙ….
බන්ධනාගාර දැන් අපරාධකරුවන් නවීන තලයක…. විශේෂ කලෙක අපරාධකරුවන් බිහි කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා….
මෙතන බන්ධනාගාරයෙන් දෙන්න ඕනි කර්තව්‍ය මොකක්ද…. දඩුවම් ක්‍රියාත්මක කිරීම හරි විදිහට මෙතන සෙල්ලම් පිටියක් වෙලා…. ඒකයි මේ අපරාධ රැල්ල දිනෙන් දින වැඩි වෙන්නේ…..
එතකොට යුක්තිය පසිඳලීමේ පද්ධතිය වැදගත් කොටසක් මේ බන්ධනාගාරය…. පද්ධතියට ම බලපානවා….
රටේ නීතිය හා සාමයට තර්ජනයක් එතකොට මහජන ආරක්ෂාවට තර්ජනයක්…. ජාතික ආරක්ෂාවට තර්ජනයක්….
මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා…. අපි ඉන්න කාලය තුළ ඒක හරියට ඉෂ්ට කරන්න…. විශ්‍රාම යනකොට ඔලුව කෙලින් තියාගෙන යන්න හරි සේවයක් කරලා….
මේවා හැදෙන්නේ නැත්නම් රට හදන්න බෑ…. මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්න තමුන්නාන්සේලා…. මේ බන්ධනාගාරය හදන්න බෑ දූෂිත නිලධාරීන් ඉන්නකොට….
ඉතින් ඒ සංස්කෘතිය නැති කරන්න ඕනේ…
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ