පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභා වාර්තාවේ කරුණු අධ්‍යයනය කිරීමද මෙම කමිටුවට පවරා තිබෙනවා.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පත්කර ඇති අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.

කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර මහතා පත් කර තිබේ.

කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com