තමා කිසිවිටෙකත් ආණ්ඩුව හැර දමා නොයන නමුත් ආණ්ඩුව තමා අත්හැර යයි ද පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව විමල් වීරවංශ මහතා පවසයි.
අද (19) කොළඹ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා,
ප්රශ්නය – ඔබතුමා තවදුරටත් ඉවසන එක ද කරන්නේ?
විමල් වීරවංශ – ඇයි මම ඉවසන්න එපා ද?
ප්රශ්නය – ඔබ තුමාට පහරදෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු නේද ?
විමල් වීරවංශ – මම නම් ඒ මන්ත්‍රීවරුන්ට දොස් කියන්නේ නෑ. ඒ මන්ත්‍රීවරුන්ට කවුරු හරි ඒක පවරනවා ඇති නේ. ඒ පවරන එකෙනා තමයි ඒ මන්ත්‍රීවරු අසරණ කරලා තියෙන්නේ.
ප්රශ්නය – ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම ද ඒකට හේතුව ?
විමල් වීරවංශ – බොහෝවිට.
ප්රශ්නය – ඔබ තුමා රටේ ජාතික සම්පත් වෙනුවෙන් දිගටම හඬ නඟනවා ද?
විමල් වීරවංශ – ඒක ඉතින් මම දේශපාලනය පටන්ගත්ත දිනයේ සිට අද දක්වා කරන දෙයක්.
ප්රශ්නය – ආණ්ඩුවේ දිගටම ඉන්න පුළුවන් වෙයි ද?
විමල් වීරවංශ – මම ආණ්ඩුව දාලා යන්නේ නෑ… මාව ආණ්ඩුව දාලා යයි ද දන්නේ නෑ
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්