රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය අරුන්දිකට සුළුතුවාල

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය අද උදෑසන අනතුරට ලක්වී තිබෙනවා. හලාවත – ආණමඩුව මාර්ගයේ පල්ලම – සේරුකැළේ ප්‍රදේශයේදීයි අමාත්‍යවරයා අනතුරට ලක් වී ඇත්තේ.අනතුරෙන් අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර එහි රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com