ශ්‍රී ලංකාවෙන් ඊයේ (20) වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් 543 දෙනාගෙන් වැඩිම පිරිස වන 180 දෙනෙකු සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ගම්පහ 116 ක් / පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් 39 බැගින්ද / මහනුවර 35 ක් / කලුතර 29 ක් / කුරුණෑගල 27 ක් / මාතලේ 17 ක් / මාතර 09 ක් / ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලින් ආසාධිතයන් 07 දෙනා බැගින්ද ඊයේ වාර්තා වී තිබෙනවා.
නුවරඑළියේ 5 ස් දෙනෙක් / අනුරාධපුර 04 දෙනෙක් / මොනරාගල තුන් දෙනෙක් මෙන්ම බදුල්ල – පොලොන්නරුව – වවුනියා යන දිස්ත්‍රික්ක වලින් දෙදෙනා බැගින්ද / මඩකලපුව – මන්නාරම සහ කිලිනෙච්චි දිස්ත්‍රික්කයෙන් එක් ආසාධිතයා බැගින්ද ඊයේ වාර්තා වී තිබෙනවා.
අනෙක් 13 දෙනා විදේශයන් හි සිට පැමිණි අයයි.
More Stories
මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇරඹේ
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අයුරු