මියන්මාර හමුදාවේ නිල FaceBook පිටුව FaceBook සමාගම විසින් මකා දමයි

ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම තහනම් කරමින් මියන්මාර හමුදාවේ ප්‍රධාන FaceBook පිටුව ෆේස්බුක් සමාගම විසින් මකා දමා තිබෙනවා.

මිලිටරි කුමන්ත්‍රණයට විරුද්ධ වී අ සිටි ප්‍රසිද්ධ නළුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර දහස් ගණනක් මහජන විරෝධතා සඳහා එක්රැස්ව තිබෙනවා.

“අපගේ ගෝලීය ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම සහ හානිය සම්බන්ධීකරණය කිරීම තහනම් කරමින් අපගේ ප්‍රජා ප්‍රමිති නැවත නැවතත් උල්ලංඝනය කිරීම නිසා අපි ටැට්මාඩෝ සත්‍ය පුවත් තොරතුරු කණ්ඩායම් පිටුව ෆේස්බුක් වෙතින් ඉවත් කර ඇත්තෙමු” යනුවෙන් ෆේස්බුක් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

දැන් මියන්මාරයේ බලය අත්පත් කරගෙන සිටින එරට හමුදා නායක මින් – ඔන් – ලයින් ඇතුළු හමුදා නායකයන් 20 දෙනෙකුගේ ෆේස්බුක් ගිණුම් මේ වනවිටත් තහනම් කර තිබෙනවා.

මේ අතර මියන්මාර ආරක්ෂක හමුදා විසින් නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම අමෙරිකා එක්සත් ජනපදය විසින් දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් කියා සිටියේ අමෙරිකාව මියන්මාර ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com