දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම දී ඇති අවසන් වාර්තාව අධ්‍යයනය කර නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා.
මෙම ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස මීට පෙර පත්කර තිබූ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම නව පත්කිරීම සිදුකරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
2015 ජනවාරි මස 8වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා තෙක් කාළය තුල සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කර නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ නව ජනාධිපති කොමිසමේ සභාපතිවරයා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතායි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වනවා.
පසුගිය මස 28 වනදා මෙම ජනාධිපති කොමිසම පත්කෙරුනු අතර එහි අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාවක් මාස 3ක කාළයක් ඇතුළත තමන් වෙත ඉදිරිපත් කළ යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර ඇත්තේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ