ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් සිදුවී තිබේ.
මෙම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා පිටුපසින් පැමිණ, ‘‘හා, මංගල කොහොමද?’’ කියා හිටපු ඇමැති මංගල සමරවීරගෙන් විමසා තිබේ. ‘‘හා… ඇමැතිතුමා මාක්ස් දාලා නිසා අඳුරගන්නත් බැරිවුණා“ කියා මංගල හා බැසිල් සුහද පිළිසඳරක නිරත වී ඇතැයි වාර්තා වේ.
එහිදී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක කෙටි වේලාවක් නිතරව ඇති අතර එහිදී සාකච්ඡා වූ කාරණා මොනවාදැයි වාර්තා නොවෙයි.
මෙම හමුව දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයට යොමුවූයේ දෙදෙනාම තිරය පිටුපස දේශපාලන කටයුතුවලට නායකත්වය දුන් පුද්ගලයන් දෙදෙනකු වීම නිසාය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ