පුරුද්දක් ලෙස ඇස් කන්නාඩි භාවිතා කරන පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ අවදානම අඩු බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම පර්යේෂණය සිදුකර තිබෙන්නේ ඉන්දියානු පර්යේෂණ කණ්ඩායමක් විසිනි.
වයස අවුරුදු 10-80 අතර පුද්ගලයන් 304 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා. එහිදී අනාවරණය වී තිබෙන්නේ අවම වශයෙන් දිනකට පැය 08 කට වඩා ඇස් කන්නාඩි භාවිතා කරන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ අවදානම, කන්නාඩි භාවිතා නොකරන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ අවදානමට වඩා තුන් හතර ගුණයක් අඩු බවයි.
සාමාන්‍යයෙන් සෑම පුද්ගලයෙකුම පැයකට අවම වශයෙන් 23 වාරයක් සිය මුහුණ ස්පර්ශ කරන අතර තෙවරක් සිය ඇස් ස්පර්ශ කරයි. කෙසේ නමුත් ඇස් කන්නාඩි භාවිතා කරන්නන්ගේ එම අගය ඉතා අවම වීම, කොවිඩ් අවදානම අඩු වීමට හේතු වී තිබෙනවා.
මීට පෙර චීනයේ සිදුකළ පර්යේෂණයකදී හෙළි වී තිබෙන්නේ එරටින් මෙතෙක් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් අතර ඇස් කන්නාඩි භාවිතා කරන්නන් සිටින්නේ 05% කටත් අඩු ප්‍රමාණයක් බවයි.
ඇස් හරහාද කොවිඩ් වෛරසය ශරීරය තුළට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් තිබෙන අතර ඇස් කන්නාඩි භාවිතා කරන්නන්ට එ් සඳහා තිබෙන්නේ ඉතා අවම අවදානමකි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ