කිසිඳු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් නිවේදනය කර තිබෙන බව කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බවයි කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.
ඒ හේතුවෙන් මාර්තු මස 02 දිනට යෙදී තිබූ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් හා අගරදගුරු හිමිපාණන් අතර හමුවද කල්දමා ඇති බවයි අගරදගුරු ලේකම් කාර්යාලය පැවසුවේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ