අද (25) උදෑසන හොරණ ප්‍රදේශයේ දී වෑන් රථකට තිබී හොරෙයින් කිලෝ 45යි ග්‍රෑම් 376ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලන ලද අදාළ වෑන් රථය යුද හමුදා රථයක් බවට හැඟවෙන පරිදි අංකයක් ද ප්‍රදර්ශනය කර තිබූ බවයි වාර්තා වන්නේ.
එම රථයේ රියදුරු යුද හමුදා නිල ඇඳුමකින් සැරසී සිට ඇති අතර ඔහු යුද හමුදාවෙන් පළාගිය නිලධාරියෙකු බව හෙළිව තිබෙනවා.
මෙම වෑන් රථය අධිවේගී මාර්ගයේ පැමිණ ගැලනිගම ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයෙන් ඉවතට පැමිණ තිබුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ