මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරස්ථානයේදී පැවැත්වීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
උතුරු හා නැගෙනහිර පළාත් මුල් කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වුණා. ඒ අනුව එම පළාත්වල විහාරස්ථාන 65 ක් හා දහම් පාසල් 35 ක් සම්බන්ධ කර ගනිමින් වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධාන කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී ඇත්තේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වන්නේ අනෙකුත් ආගම් සමග එක්ව මෙම උත්සවය සංවිධාන කිරීමයි. ඒ අනුව හින්දු ක්‍රිස්තියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව ද මේ සදහා එක්ව සිටිනවා.
රාජ්‍ය වෙසක් උත්සවය පිළිබදව අරලියගහ මන්දියේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළි වුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ