ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්රකාශයක් ලබාදීම සඳහා ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණි අතර අද දින ඔහුගෙන් පැය 10ක් ප්රශ්න කොට ප්රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.
ඒ, පසුගියදා පැවැති ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්රකාශයක් ලබාදීම සඳහාය.
සචිත්ර සේනානායක ඊයේ (03) දිනයේ ද පැය 8ක පමණ කාලයක් එම ඒකකයට ප්රකාශයක් ලබාදුන්නේය.
ඒ අනුව මේ වනවිට සචිත්රගෙන් පැය 18ක ප්රකාශ ලබා ගෙන තිබේ.
මීට අමතරව මීට පෙර අස්ථානගත වූ බව කී සිය ජංගම දුරකතනයද සචිත්ර බලධාරීන්ට ලබා දීමට අද පියවර ගෙන ඇත.
එමෙන්ම විශේෂ පොලිස් ඒකකය සචිත්රගේ වත්කම් බැරකම් ඇතුළත් ප්රකාශයක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙසට නියෝගයක්ද අද දින නිකුත් කර ඇත.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ