විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකුව අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 17ක් ද එහිදී සොයාගෙන තිබෙනවා.
දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් යතුරුපැදි ගණනාවක් අදාළ සැකකරු විසින් සොරකම් කර විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුගෙන් යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්