මව්බිමේ සුරක්ෂිතබව අඛණ්ඩව රැකගැනීම සන්නද්ධ සේවාවල වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කළා.
ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනාධිපති වර්ණ ප්රදානය කරමින් කටුනායක පැවති උත්සවයකදී ජනාධිපතිතුමා මේ බව සදහන් කළා.
කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ බලගන දෙකකට ජනාධිපති වර්ණ ප්රදානය සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සුරකිමු ලකඹර තේමාවෙන් දශක හතක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ අංක පහ ප්‍රහාරක ගුවන් බලගනය හා අංක 6 ප්‍රවාහන හෙළිකොප්ටර් යානා බලගනය මෙසේ ජනාධිපති වර්ණ හිමිකර ගත්තා. සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සමගින් ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා තිබෙනවා. සාමය උදෙසා ජීවිත පූජා කළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී සදහන් කළේ.
කටුනායක මූලික ගුවන් කදවුරේ සී 130 කදවුරේ අංක දෙක හා පහ බලගන ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ගුවන් නියමුවන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා. ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය තේමාකොට ගනිමින් එයාර් කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා රචිත ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවුණා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුද, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු උසස් ආරක්ෂක අංශ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ