කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ගන්නා අවස්ථාවේදී මරදාන පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුව අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු, කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි පුද්ගලයෙකි.
බස්නාහිර බුද්ධි කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත මරදාන පොලීසියේ නිලධාරීන් මරදානේ කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදෙන ස්ථානය ආසන්න ප්‍රදේශකයදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, එන්නත ලබාදීම වෙනුවෙන් රුපියල් 1000ක අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදීය.
මෙම පුද්ගලයා සතුව රුපියල් 20,000ක මුදලක් තිබී සොයාගෙන තිබේ.
ඔහු සතුව තිබූ මුදල් අද දිනයේ එම එන්නත ලබාදීම සඳහා විවිධ පුද්ගලයින්ගෙන් ලබාගත් මුදල් බවට පොලීසිය සැක කරයි.
එන්නත ලබාදීම සඳහා ජනතාවගෙන් යම් පුද්ගලයෙකු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇත්නම් ඒ පිළිබඳ පොලීසියට පැමිණිළි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ