සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය පැවැත්වෙන්නේ ලබන 15 වනදා සවස 2.30ට හයිඩ්පාක් ක්‍රීඩාංගණයේදී බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
සම්මේලනය සදුදා (08) දින පැවැත්වෙන බවට ජාතික පුවත්පතක පළවී ඇති වැරදි වාර්තාවක් නිවැරදි කරමින් එම පක්ෂය මෙම නිවේදනය නිකුත් කොට තිබේ.
එවැනි පුවතක් කිසිදු විටෙක කිසිදු මාධ්‍යකට ලබා නොදුන් බව සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරයි.
සියලු ම සෙෘඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මංගල සංවත්සර සම්මේලනය පැවත්වීමට කටයුතු යොදා ඇත.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ