තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් අද (07) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා. එම එන්නත් තොගය මාත්‍රා 264,000 කින් සමන්විත වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් අරමුදල එක්ව සංවර්ධනය වෙමින් පවත්නා රටවල නොමිලේ කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ යටතේ සෑම රටකම ජනගහනයෙන් 20% කට ප්‍රමාණවත් එන්නත් නොමිලේ ලැබෙනු ඇත. මෙම එන්නත් තොගය මෙරටට පැමිණියේ එම වැඩසටහනට අනුවයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 2528 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද අළුයම 12.15 ට පමණ මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබෙනවා.
මෙම එන්නත් වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ට පුරවැසියන් වෙත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කරන බව කොවිඩ් රෝග පාලන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. එන්නත් ලබාදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කළයුතු බවත්, දෙවැනි එන්නත් තොගය ලැබෙන්නේ ඉන් පසුව බවත් ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ