මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී කෝලාහලය සම්බන්ධයෙන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් තමන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳව අම්පිටියේ සුමනරතන හිමියන් මාධ්‍ය හමුවකදී හඬා වැළපෙමින් ප්‍රකාශයක් සිදුකරන අයුරු දක්නට ලැබිණි.
“මේ 411 වෙනි පිටුවෙ ලියවිලා තියෙනවා අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියාව, දිගනේ තෙල්දෙණියේ සිද්ධියටත් වෙනමම කොමිසමක් පත්කරන්නට ඕනෙ කියලා. මෙතන නුවර යන්නෙ මම මගේ ඥාතියෙකුගේ මළගෙදර. දෙයිහාමුදුරුවනේ දැන් මේකට ගියා කියලා මෙහෙම නීති පනවනවා නම් අර බෝම්බ ගහන්න ආපු අය කෝ ?
දෙයිහාමුදුරුවනේ මං බණ කියන එක වැරදිද ? මොන කුණුහරුපයක්ද මේ ? මම තිස් අවුරුද්දක් යුද්ධෙට මුහුණ දීපු භික්ෂුවක් හැටියට මං වගකීමෙන් කියනවා මේ අහිංසක ජනතාවට, මේ පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්න අහිංසක කතෝලික ජනතාවට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පමණයි ( හඬයි ) ස්වර්ගය පමණයි. ඊට වඩා දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. මේ කෙහෙම්මල් පාස්කු වාර්තාව (දමා ගසයි) ඒ පත් කරපු මිනිස්සුත් වැරදිකාරයො කරලා තියෙනවා නම් අපි වගේ කැලේ ඉන්න අහිංසක මිනිස්සු වැරදිකාරයො කරලා හෙට අනිද්දාට හිරගත කරාට පස්සෙද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවෙන්නෙ කියන එක ගරු ජනාධිපතිතුමාගෙන් මං අහනවා.
හැමදාමත් අපි කතා කළේ අපට වෙන අසාධාරණය පිළිබඳවමයි, ඉදිරියටත් වන්නේ ඒකම නම් මීට වඩා හොඳයි කොරෝනා හැදෙනවා නම් කියන එක තමයි කියන්න තියෙන්නෙ” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ