මාතර දෙයියන්දර ප්‍රදේශයේදී අද අලුයම සැකරුවෙකු සහ සැකකාරියක සමග අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 74 යි ග්‍රෑම් 975 ට අදාල ජාවාරම මෙහෙයවා ඇත්තේ වැලිගම රුවන් චින්තක නොහොත් “හරක් කටා” නැමති දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් බව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම අද අලුයම අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය පසුගිය මාසයේදී හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 45 සමග සගවා තිබූ කොටසක් බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ