පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ගමට ගොස් සිදු කරන ලද සම්මන්ත්‍රණයකදී සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.
විමල් විරවංශ මහතා පාස්කු ප්‍රහාරයේ මොලකරු ගැන දන්නා බවද ඒ මහතා සඳහන් කරන ලදී.
ඒ මහතා මේ බව අනාවරණය කළේ පාස්කු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපේ විමල් විරවංශ මන්ත්‍රීතුමා ගමට ගිහිල්ලා මේ දවස්වල සම්මන්ත්රණ මාලාවක් කරන ගමන් “ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශනයේදී කරපු කොටසක් මේ මවුබිම පත්තරේ සඳහන් වෙලා තියෙනවා. මේ හෙඩ්ලයින් එකේ එතුමා කියනවා මුස්ලිම් අන්තවාදීන් සමඟ දිග කන්න හිතන අයත් ආණ්ඩුවේ ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට දඬුවම් ලැබීම වැලක්වීමට හදන්නේ ඔවුන්. මේ අපි නෙවෙයි කියන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. විමල් විරවංශ කියන්නේ. පාස්කු කොමිසමට ඔබ්බට කියලා මේ කතාව කියන්නේ. එහෙනම් කවුද මහා මොලකරු? කවුද හංගන්න උත්සාහ කරන්නේ? ආණ්ඩුවේ කවුද මේක හංගන්න උත්සාහ කරන්නේ කියලා කියන්න ඕනේ. එතකොට මේ මහා මොලකරු කවුද කියලා විමල් විරවංශ මන්ත්‍රීතුමා දන්නවා. විමල් විරවංශ මන්ත්‍රීතුමා දන්නවා මහා මොලකරු කවුද කියලා. ඒ නිසා තමයි කියන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීම වැලක්වීමට ආණ්ඩුවේ කට්ටිය උත්සාහ කරනවයි කියලා. දැන් අපේ අශෝක් අබේසිංහ මහතා සිද්ධ කරන ලදැයි කියන ප්‍රකාශයකට ඔහුව CID එකට ගෙනියනවා. එතකොට විමල් විරවංශ මහතා මේ කරන ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ නෙවෙයි මේ එළියේ සමාජයේ කරන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ