වසර 100ක් පැරණි බදුල්ල වැල්බෝධිය කඩා වැටෙයි (PHOTOS)

බදුල්ල ප්‍රධාන ඉන්ධන පිරවුම්හළ අසල පිහිටි ඓතිහාසික වැල්බෝධිය අද (10) පස්වරු 2.00ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇත.

එම බෝ ගස ඓතිහාසික වටිනාකමකින් යුත් අතර වසර 100ක් පැරණි ගසකි.

වැල්බෝධිය මහා මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

තව ද එම අවස්ථාවේ යතුරු පැදියකට, මෝටර් රථ 2කට, ලොරියකට සහ ත්‍රී රෝද රථයකට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.

ගස කඩා වැටීම හේතුවෙන් නගරයේ විදුලි රැහැන්වලට හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ විදුලිය ද ඇණහිට තිබේ.

මීට අමතරව පැයක පමණ කාලයක් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

විදුලි බල මණ්ඩලයේ සේවකයින්, බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැමිණ කඩා වැටුණු ගස ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com