පෙරහැර මංගල්‍ය සඳහා වන හීලෑ අලි ඇතුන් හිඟකම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී මේ නිසා ඇතිව තිබෙන ගැටළුව පිළිබඳව මහාසංඝ රත්නය සහ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයන් සමග පවති සාකච්චාවකදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙහිදී හීලෑ අලි ඇතුන් හිඟය සම්බන්ධයෙන් කෙටිකාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවට මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසි සැකසීමේදී හිමිකරුවන් සමඟ ද සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක