බන්ධනාගාර බුද්ධි ඒකකය ලද තොරතුරක් මත බුද්ධි ඒකකයේ නිලධාරීන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ Y විශේෂ අංශය හා එම අංශය අවට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත.
බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ පෙරවරු 11.40ට පමණ මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.එහිදී Y විශේෂ අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ එමි අංක සඳහන් නොවන ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකථන අංකයක් සොයාගෙන තිබේ.
මෙම Y අංශය තුළ රංජන් රාමනායක මහතා ඇතුළු තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බව චන්දන ඒකනායක මහතා පැවසීය.මෙම දුරකථනයද රංජන් රාමනායක සිරකරුට ලබාදීමට රැගෙන ආ දුරකථනයක් දැයි සැක සහිත අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
ජංගම දුරකථනය පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිතයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ