අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිදුවන නිසා තව දුරටත් පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වීම තේරුමක් නැතැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමි සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන හිමියෝ පවසති.
උතුරු මැද ආණ්ඩුකාර මහීපලා හේරත් මහතා ද කියා සිටියේ නාහිමිවරුන්ගේ එම ප්‍රකාශවල සත්‍යක් ඇති බවයි.පුරාවස්තුවලින් පිරිණු අනුරාධපුර පූජා නගරය බෞද්ධයන්ගේ හදවත. ඒ නිසා මේ පූජානගරය අප විසින් රැකගත යුතුයි. මේ භූමිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් තීන්දු තීරණ ගත නොහැකියි.
මේ පූජා භූමියේ නොගැලපෙන දේ ස්ද්ධ වෙනවා. සමාධි පිළිම වහස්සේ ළඟ පොසොන් පොහොයට සැදැහැවතුන් දහස් ගණනක් සිල් සමාදන් වෙනවා. දැන් එතන කඩවලින් පිරිලා. ඒ මදිවට තවත් කඩ අලුතින් හදනවා යැයිද කීහ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ