රාජිත – චතුර පැය පහකට පසු CCDයෙන් පිටව යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා අද දහවල් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණියේය. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ අනුව පැය පහකට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඔවුන් දෙදෙනා අපරාධ කොට්ඨාශයෙන් පිටව ගොස් තිබෙනවා. තමන් පැහැරගැනීමකට ලක් වූ බව කියමින් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකළ මාධ්‍යවේදියාගේ සිදුවීමට අදාලව මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ.

මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා, කිසියම් පිරිසක් විසින් තමන් පැහැරගෙන ගොස් පහර දී පිළිස්සුම් තුවාල සිදුකළ බවට පැමිණිල්ලක් සිදුකර තිබිණි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අදාල පැහැර ගැනීම සම්බන්ධ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවයි. පරීක්ෂණවලදී අනාවරණය වූයේ අදාල මාධ්‍යවේදියා සිය නිවසේදීම මේසන් හැන්දක් භාවිතා කරමින් දෙඅත් පුළුස්සාගෙන ඇති බවයි.

අදාල පැහැරගැනීම සිදු වූ බව කියන දිනයේදී මෙම මාධ්‍යවේදියා, කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි, චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ ඇති අතර එහිදී රාජිත සේනාරත්න මහතා හමු වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com