රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීම දේශීය සමාගමකට

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන කිලෝමීටර් 24 යි මීටර 300 ක කොටසේ ඉදිකිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබෙනවා.

ඊට අදාළ කොන්ත්‍රාතුව පිරිනැමීම මහාමාර්ග අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ සිදුකෙරුණා.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර් 73 යි මීටර් 900 ක දුරකට ඉදිකිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවුණා.

එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස ඉදිකිරීමට නියමිතයි.

මෙම මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකිරීමට යෝජනා වූ අතර ඒ සඳහා කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com