PCR පරික්ෂණ ප්‍රමාණය අඩු කරලා

පසුගිය කාලයට සාපේක්ෂව රට තුළ සිදුකරන කරන PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත්ය.

මේ වනවිට රට තුළ සිදුකරන PCR පරික්ෂණ 5,000 සීමාවට අවම කර ඇති බවත් ඔහු හෙළිදරව් කරයි.

එලෙස PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ පළමු පෙළ ආශ්‍රීතයන් අවමවීම නිසා බවත් රටේ පවතින තත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා අහඹු PCR පරික්ෂණ වැඩි වැඩියෙන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com