ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර ඇති ටොම් මූඩි මහතාගේ ප්‍රධාන වගකීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා විසින් පැහැදිලි කර තිබේ.
ඒ, අද (25) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම් පිළිබද වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අරවින් ද සිල්වා මහතා පැවසුවේ දැනට සිටින ක්‍රිකට් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඉතා ඉහළ මට්ටමකට රැගෙන ඒම ටොම් මූඩි මහතාගේ ප්‍රධාන වගකීම බවයි.
ටොම් මූඩි මහතා රටවල් ගණනාවකින් අත්දැකීම් ලබාගත් නිලධාරියෙක් වන අතර, ඔහුගේ අත්දැකීම් සහ දැනුමෙන් අප රටේ පුහුණුකරුවන් සහ ක්‍රිකට් නිලධාරීන් ඉහළ මට්ටමකට රැගෙන ඒමෙන් අනතුරුව කිසිදු විදෙස් පුහුණුකරුවෙකු හෝ නිලධාරියෙකු මෙරටට යළි නොගෙන ඒමේ ස්ථානයකට මෙරට ක්‍රිකට් දියුණු විය යුතු බවත් අරවින්ද සිල්වා මහතා පැවසීය.
තවත් වසර තුනකින් පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවන තනතුරු සහ පුරප්පාඩු වලදී ටොම් මූඩි මහතාගෙන් පුහුණුව ලැබූ පුහුණුකරුවන් සහ නිලධාරීන් එම තනතුරු වලට යොමු කිරීම ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව බව ඒ මහතා සදහන් කළේය.
එමෙන්ම ටොම් මූඩි මහතාගේ සහාය ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බදවා ගන්නා නිලධාරියා ද මූඩි මහතාගේ තනතුරේ රාජකාරි කිරීමේ තත්ත්වයකට ගැනීම ඔහුගේ තවත් ප්‍රධාන වගකීමක් බව අරවින් ද සිල්වා මහතා පැහැදිලි කළේය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි