චීනයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු සිනොෆාම් එන්නත ලබා ගැනීම සදහා වඩා සුදුසු වයස් ඛාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කර ඇත.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ වයස අවුරුදු 18ට අඩු තරුණ තරුණියන්ට, ගර්භනී කාන්තාවන්ට සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට එම එන්නත ලබා නොදෙන බවයි.
ඉහත සදහන් පුද්ගලයින් හැරුණු විට විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන් සමග අදාළ වයස් ඛාණ්ඩ තීරණය කරනු ඇති බව වෛද්‍යවරයා පැවසීය.
එම එන්නත ප්‍රථමයෙන්ම මෙරට තුළ සිටින චීන ජාතිකයන්ට ලබාදීමට කටයුතු කරනු අතර, පසුව ඉතිරිවන එන්නත ලාංකිකයින්ට ද ලබාදීමට පියවර ගන්නා බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සදහන් කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ