ජපන් මුහුදු සීමාවට අයත් ප්‍රදේශයකට චීන නෞකා දෙකක් අනවසරයෙන් ඇතුළු වී තිබෙන බව සඳහන් ය.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර චීන මුහුදේ පිහිටි සෙන්කාකු දූපතට පසුගිය දිනෙක එම නෞකා පැමිණ ඇති බවය.
අදාළ දූපතේ ජපාන ධීවර යාත්‍රා දෙකක් ආසන්නයට මෙම චීන නෞකා දෙක ලගා වෙමින් තිබූ බව ජපාන වෙරළාරක්ෂක බලධාරින් ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් කඩිනමින් එම නෞකා දෙක මෙම මුහුදු ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ජපාන වෙරළාරක්ෂක නිලධාරින් දැනුම් දී ඇත.
More Stories
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනයෙන් තවත් 50% ක තීරුබදු