බ්‍රිතාන්‍යය, සංචාරක තහනම් රතු ලැයිස්තුවට රටවල් 04ක් එක් කර ඇත. කෙන්යාව, බංග්ලාදේශය, පකිස්තානය සහ පිලිපීනය එම රටවල් වේ.
ලබන 09වැනිදා අලුයම 4.00 සිට මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
බ්‍රිතාන්‍ය, අයර්ලන්ත ජාතිකයන්ට සහ එරට පදිංචිය සදහා හිමිකම් ඇති අයට බ්‍රිතාන්‍යයට ඇතුල්විය හැකි නමුත් දින 10ක් නිරෝධායනය විය යුතුය.
මේවන විට බ්‍රිතාන්‍යය රතු ලැයිස්තුවේ’ රටවල් 39 ක් ඇතුළත් වේ.
More Stories
චීන යුරෝපා වෙළඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි